ඈ...


සුළං රොදකි
අතරින් පතර
හමා විත්
නිසල වන ගැබ
සසල කරවන...

තාරකාවකි
දුරින් හිඳිමින්
දිසින් දැල්වී
අඳුරු අහසට
සිනා කැන්දන...

නිමල කුසුමෙකි
ළඟින් රැදෙමින්
හිමින් කොඳුරා
පාළු උයනට
සුවඳ වස්සන...