මට තේරෙන්නෙ නෑ

මට තේරෙන්නෙ නෑ
ඩී. එන්. ඒ. වලවත්
ලේ වලවත්
හමේවත්
කොටල නැති
ජාතියක් ආගමක් හින්දා
කාටවත් වරදක් නැති අහිංසක මිනිහෙක්ව
'කොටන්න' ඕනෙ ඇයි කියල...
මම මෝඩ වැඩි වෙන්න ඇති
පැහැදිල කරල දීපල්ල
එහෙම කලාම
උඹේ ජාතිය හරි ආගම හරි දියුණු වෙනවද?
රට දියුණු වෙනවද?
මනුස්සකම් දියුණු වෙනවද?
හරි එහෙම නම්
'කොටහල්ලා'
තරඟෙට!!!