skip to main |
skip to sidebar
Posted by
Ravihansa
on Wednesday, September 1, 2010
at
8:00 PM
මුවැත්තියේ
වදනින් නුඹේ
සනසනු මැන
දෙසවන
මගේ ...
මුවැත්තියේ
කැළුමින් නුඹේ
පිනවනු මැන
දෙනයන
මගේ ...
මුවැත්තියේ
සිනහවෙන් නුඹේ
සරසනු මැන
දිවියම
මගේ ...
මුවැත්තියේ
සෙනෙහෙන් නුඹේ
නළවනු මැන
හදවත
මගේ ...
Posted by
Ravihansa
on Monday, August 16, 2010
at
4:21 PM
නොවැටෙනු ඉතින්පලක් නැතආ මඟෙන් ...ඉදිරිය සුභයිනොසැලෙන්නොතැවෙන්ජයගන්තුටින් .....
Posted by
Ravihansa
on Thursday, August 5, 2010
at
10:17 PM
ගිමන් නිවන්
මඳක් නැවතී
විඩාබර ගමනේ
ගිරිකුලක් ඇත
ඔබේ අභියස
තරණයට කැප වූ ...
ජය නුඹේමයි
කරන් අදිටන්
එක සිතින්
පැහැදී ...
පතමි ජය
හෙට දිනට
කුමරිය
ගෙනෙනු මැන
අභිමන් .....
Posted by
Ravihansa
on Tuesday, August 3, 2010
at
9:51 AM
ඈත දියඹේඇදෙන නෞකාඇමතුවේ ගොඩවන්න නම් නොව...ඇසුණිදෝ නෑසුනිදනොදනිමිනොමැත ලැබුනේපිළිවදන් නම්...අවැසි නැත මටපිළිවදන් දැන්රිදෙන්නට තවසිතක් නැති සඳ...උඩඟු කම් ඔයගිලී ගියදාහදවතටපිළිතුරු බඳිනු මැන.....
Posted by
Ravihansa
on Tuesday, July 20, 2010
at
8:09 AM
පණ වගේ මම ආදරේලු
ඔයත් එක්කම මැරෙනවාලු
ඕනෙ මඟුලක් කරනවාලු
එදා එහෙමයි කිව්වෙ යාලු ...
කලින් තේරුන්නෑලු
දැන්නම් පේනවාලු
එහෙමත් සිද්ද වෙනවාලු
මට නොතේරේ ඕවා යාලු ...
මට දැන් නැතේ පාලු
උඹලා වටකර ඉන්නවාලු
හෙටක් ලස්සන තියෙනවාලු
මුහුදෙ තව තව සිටී මාලු .....
Posted by
Ravihansa
on Monday, July 5, 2010
at
7:58 PM
Sunshine ...
Hidden under sea
Brighter than moon
Deeper than sky
Falling down
Drop by drop
Making little sounds
I can't hear 'em
But I can feel 'em
What I feel?
I don't know ...
Tell me please
My dear friend ...
Posted by
Ravihansa
on Wednesday, June 2, 2010
at
1:16 PM
දුටිමි පියාණෙනි කඳුළැලි නෙතු අග
සඟවාගන්නට වෙර දරනා
නමදින විට පා යුග සෙනෙහෙන් මා
නැඟුණු කඳුළු නුඹ දුටුවද මන්දා ...
මවු පෙම දවටා පිය සෙනෙහස තුළ
දුන්නේ කෙලෙස ද ආදර පුතු හට
කෙතරම් දහදිය සැලුවා දෝ
ණයගැති වෙමි බිඳුවක් ගානේ ...
වෙන් වී යමි අද සරසවි බිම වෙත
අමතක නොකරමි පෙන්වූ නිසි මඟ
කෙතරම් ඔවදන් දුන්නාදෝ
ණයගැති වෙමි වදනක් ගානේ ...