ඒ ලේත් රතුයි අම්මේ.....
උන් මාව අරන් ගිය දවසෙ
උඹ ඇඬුව හැටි මතකයි අම්මේ
තුවක්කුව දුන්නට
මට කොකා ගහන්න
හයියක් නෑ අම්මේ
මට කවුරුත් මරන්න
ඕනෙ උනේ නෑ අම්මේ....
මම වෙඩි තිබ්බා
ඒත් පත්තු උනේ නෑ අම්මෙ
මට වෙඩි වැදුණා
මට ලේ ගලනව
දැනුණා අම්මේ.......
මට වෙඩි තිබ්බ
ඒ අයියගෙ මූණ
හරි අහිංසකයි අම්මේ
ඒ අයියත් වැටුණ
එයාගෙත් ලේ ගැලුවා
ඒ ලේත් රතුයි අම්මේ
එයා මං දිහා බලල
මොනාද කිව්ව අම්මේ...
මං සිංහල දන්නෙ නෑ
ඒත් මට තේරුණා අම්මේ
"මට සමාවෙයන් මල්ලී...."
මම සමාව දුන්නා අම්මේ.......
ඉතින් මම යනවා
නංගිව මතක් කළා
කියපන් අම්මේ........
සඳම නුඹයි ...
පැතුම
යළි පුබුදුවාලූ ...
සිතම
යළි කළඹවාලූ ...
හදම
යළි තෙරපුවාලූ ...
සඳම නුඹයි
රෑ අහස සනසවාලූ ...
සුහද ඇරයුම ...

සොඳුරු වත
සඟවා නුඹ
කිම මේ
සැඟවෙන්නේ ...
නොදොඩා
කිසිදු වදනක්
දුටු ලෙස
රුදුරු රකුසෙක් ...
බඳිමි පෙම්
මම
නුඹට සැමදා
කිමද ගොළුවත
මෙලෙස
මා වෙත...
සුහද ඇරයුම
පිළිගන්න
දැන් නුඹ
පියඹන්න
පෙම් අඹර
වෙත හෙට .......
මුවැත්තියේ

මුවැත්තියේ
වදනින් නුඹේ
සනසනු මැන
දෙසවන
මගේ ...
මුවැත්තියේ
කැළුමින් නුඹේ
පිනවනු මැන
දෙනයන
මගේ ...
මුවැත්තියේ
සිනහවෙන් නුඹේ
සරසනු මැන
දිවියම
මගේ ...
මුවැත්තියේ
සෙනෙහෙන් නුඹේ
නළවනු මැන
හදවත
මගේ ...
පතමි ජය ...
ගිමන් නිවන්
මඳක් නැවතී
විඩාබර ගමනේ
ගිරිකුලක් ඇත
ඔබේ අභියස
තරණයට කැප වූ ...
ජය නුඹේමයි
කරන් අදිටන්
එක සිතින්
පැහැදී ...
පතමි ජය
හෙට දිනට
කුමරිය
ගෙනෙනු මැන
අභිමන් .....
මඳක් නැවතී
විඩාබර ගමනේ
ගිරිකුලක් ඇත
ඔබේ අභියස
තරණයට කැප වූ ...
ජය නුඹේමයි
කරන් අදිටන්
එක සිතින්
පැහැදී ...
පතමි ජය
හෙට දිනට
කුමරිය
ගෙනෙනු මැන
අභිමන් .....
පිළිතුරු බඳිනු මැන.....
ඈත දියඹේ
ඇදෙන නෞකා
ඇමතුවේ
ගොඩවන්න නම් නොව...
ඇසුණිදෝ නෑසුනිද
නොදනිමි
නොමැත ලැබුනේ
පිළිවදන් නම්...
අවැසි නැත මට
පිළිවදන් දැන්
රිදෙන්නට තව
සිතක් නැති සඳ...
උඩඟු කම් ඔය
ගිලී ගියදා
හදවතට
පිළිතුරු බඳිනු මැන.....
ඇදෙන නෞකා
ඇමතුවේ
ගොඩවන්න නම් නොව...
ඇසුණිදෝ නෑසුනිද
නොදනිමි
නොමැත ලැබුනේ
පිළිවදන් නම්...
අවැසි නැත මට
පිළිවදන් දැන්
රිදෙන්නට තව
සිතක් නැති සඳ...
උඩඟු කම් ඔය
ගිලී ගියදා
හදවතට
පිළිතුරු බඳිනු මැන.....
Subscribe to:
Posts (Atom)