පණ වගේ මම ආදරේලු
ඔයත් එක්කම මැරෙනවාලු
ඕනෙ මඟුලක් කරනවාලු
එදා එහෙමයි කිව්වෙ යාලු ...
කලින් තේරුන්නෑලු
දැන්නම් පේනවාලු
එහෙමත් සිද්ද වෙනවාලු
මට නොතේරේ ඕවා යාලු ...
මට දැන් නැතේ පාලු
උඹලා වටකර ඉන්නවාලු
හෙටක් ලස්සන තියෙනවාලු
මුහුදෙ තව තව සිටී මාලු .....
Sunshine
Sunshine ...
Hidden under sea
Brighter than moon
Deeper than sky
Falling down
Drop by drop
Making little sounds
I can't hear 'em
But I can feel 'em
What I feel?
I don't know ...
Tell me please
My dear friend ...
Hidden under sea
Brighter than moon
Deeper than sky
Falling down
Drop by drop
Making little sounds
I can't hear 'em
But I can feel 'em
What I feel?
I don't know ...
Tell me please
My dear friend ...
පියාණෙනි...
දුටිමි පියාණෙනි කඳුළැලි නෙතු අග
සඟවාගන්නට වෙර දරනා
නමදින විට පා යුග සෙනෙහෙන් මා
නැඟුණු කඳුළු නුඹ දුටුවද මන්දා ...
මවු පෙම දවටා පිය සෙනෙහස තුළ
දුන්නේ කෙලෙස ද ආදර පුතු හට
කෙතරම් දහදිය සැලුවා දෝ
ණයගැති වෙමි බිඳුවක් ගානේ ...
වෙන් වී යමි අද සරසවි බිම වෙත
අමතක නොකරමි පෙන්වූ නිසි මඟ
කෙතරම් ඔවදන් දුන්නාදෝ
ණයගැති වෙමි වදනක් ගානේ ...
සඟවාගන්නට වෙර දරනා
නමදින විට පා යුග සෙනෙහෙන් මා
නැඟුණු කඳුළු නුඹ දුටුවද මන්දා ...
මවු පෙම දවටා පිය සෙනෙහස තුළ
දුන්නේ කෙලෙස ද ආදර පුතු හට
කෙතරම් දහදිය සැලුවා දෝ
ණයගැති වෙමි බිඳුවක් ගානේ ...
වෙන් වී යමි අද සරසවි බිම වෙත
අමතක නොකරමි පෙන්වූ නිසි මඟ
කෙතරම් ඔවදන් දුන්නාදෝ
ණයගැති වෙමි වදනක් ගානේ ...
No it is not...

She is an angel - no it is not
It is impossible - no it is not
I'm in the heaven - no it is not
I'm swinging in a cradle - no it is not
She is looking at me - no it is not
She is smiling with me - no it is not
She is holding my hand - no it is not ...
This is my station - NO IT IS NOT!!!
සමාවෙයන්
විස තුඩු වැදුනිද මන්දා
වැදී රිදුනිද මන්දා
සමාවෙයන්
පුංචි කුමරියේ...
සඟවන්නම්
අනඟ බඹර තුඩු...
රැඳෙනු මැන
විකසිතව සුවඳ දී
හිනැහී ළබැඳි ලෙසින්
සතුටින් බැඳී
නොමියෙන මිතුදමින්...
වැදී රිදුනිද මන්දා
සමාවෙයන්
පුංචි කුමරියේ...
සඟවන්නම්
අනඟ බඹර තුඩු...
රැඳෙනු මැන
විකසිතව සුවඳ දී
හිනැහී ළබැඳි ලෙසින්
සතුටින් බැඳී
නොමියෙන මිතුදමින්...
චැරිටි
පෝය දාට
සුදුම සුදු වතින් සැරසී
තෙල් මල් නැතත්
පොෂ් කාර් එකෙන්
පොළොවට අඩියක් උඩින් ඉගිල්ලී
සැදැහැ සිතින්
යමු පන්සල්...
චැරිටි කොරන්ට
හැමෝටම පේන්ට
පින් පුරවගන්ට
ඊළඟ භවයට...
සුදුම සුදු වතින් සැරසී
තෙල් මල් නැතත්
පොෂ් කාර් එකෙන්
පොළොවට අඩියක් උඩින් ඉගිල්ලී
සැදැහැ සිතින්
යමු පන්සල්...
චැරිටි කොරන්ට
හැමෝටම පේන්ට
පින් පුරවගන්ට
ඊළඟ භවයට...
සොඳුරු දනව්ව
අතීතයෙ අකල් වර්ෂාවෙන්
තෙතබරිත වූ පියපත්
උසුලන්නට නොහැක තවත්
ගලවා වීසි කර දැමුයෙමි ඈතටම
දැනුන මුත් රිදුම්...
සොයමි දැන්
පියපත් යුගලක් නැවුම්
පියඹන්නට තුටින්
සොඳුරු දනව්වට
අනාගතයේ...
තෙතබරිත වූ පියපත්
උසුලන්නට නොහැක තවත්
ගලවා වීසි කර දැමුයෙමි ඈතටම
දැනුන මුත් රිදුම්...
සොයමි දැන්
පියපත් යුගලක් නැවුම්
පියඹන්නට තුටින්
සොඳුරු දනව්වට
අනාගතයේ...
Subscribe to:
Posts (Atom)