නුඹ නොවන නුඹ


නුඹ
වෙන්වී
නොදොඩා
ඈත් වී
සිටි එදා
රැකුයෙමි ගොළුවත
දකිනු රිසින්
නැවතත්
නුඹ නුඹ ම
ලෙසින්.....
බින්දෙමි
ගොළුවත
නුඹ යළිත් නුඹ ම
වී ඇතැයි සිතින්
සුසුම් කඳුළු
තවත්
නුහුලනු රිසින්...
නමුදු
මේ නුඹ ම ද?
කෙසේ විමසම් ද ඉතින්...
ඒ.. මම
නුඹව නොහඳුනන නිසා ද?
නුඹ නොවන නුඹව නොහඳුනන නිසා ද?

Forever...


Up in the heaven

There was an angel,
I didn't know
That it was you...
Who ceased the darkness
And wiped the sadness....
Be here
Forever...
Leave me
Never...
We'll go on
To thrive
Our dreams....
Together
Yeah, Forever...

චිරං ජයතු.....


උපන් දින උත්සවේ - පෝස්ටර් හැමතැනම
වෙඩි මුරත් ඇහෙනවා - යකඩ කට අඬනවා...

ඒත් මට එන්න බෑ - දෙපයටම වාරු නෑ
ආවත් බලන්න බෑ - මගේ ඇස් දෙකම නෑ...

අද මගෙත් උපන්දිනේ - කවුරුත්ම ආවේ නෑ
කාටවත් මතක නෑ - ඒත් මට කමක් නෑ...

කඳුළක් වැටෙනවා - කම්මුලට දැනෙනවා
එ කඳුළු පිසූ අත් - නැති අඩුව දැනෙනවා...

වෙඩි සද්දේ දෙසවනේ - තාම රැව් නඟනවා
ඒ සද්දෙ උඹට නෑ - මට සතුටු දැනෙනවා...

"චිරං ජයතු මහරජාණෙනි" - ඝෝසාව ඇහෙනවා
හුදෙකලා සයනයේ - මම නිදාගන්නවා......

සොඳුරු දනව්වට....


මතකය දිව්වා ටිකක් අතීතයට
මතක් උනා මේ පද ටික
හරියටම
2010 අප්‍රේල් 24 වෙනිදා හවස 6.43 ට
දාපු මගේ සිතුවිල්ල...

සොඳුරු දනව්ව

"අතීතයෙ අකල් වර්ෂාවෙන්
තෙතබරිත වූ පියපත්
උසුලන්නට නොහැක තවත්

ගලවා වීසි කර දැමුයෙමි ඈතටම
දැනුන මුත් රිදුම්...
සොයමි දැන්
පියපත් යුගලක් නැවුම්
පියඹන්නට තුටින්
සොඳුරු දනව්වට
අනාගතයේ... "
(http://sithuwilla.blogspot.com/2010/04/blog-post_24.html
)

අද මට හිතුණා
ඒකට පොඩි උත්තරයක්...
මෙන්න ඒ සිතුවිල්ල....


"ලැබුණි පැතු සේ
පියපත් යුගලක්
පිවිතුරුය - සුන්දරය
රැකගනිමි ඉඳින්
රුදුරු වරුසාවෙන්...
රැඳෙනු මැන
සැමදා දිදුළමින්...
පියඹමි තුටින් දැන්
ඒ සොඳුරු දනව්වට
අනාගතයේ.....

ඒ ලේත් රතුයි අම්මේ.....


උන් මාව අරන් ගිය දවසෙ
උඹ ඇඬුව හැටි මතකයි අම්මේ
තුවක්කුව දුන්නට
මට කොකා ගහන්න
හයියක් නෑ අම්මේ
මට කවුරුත් මරන්න
ඕනෙ උනේ නෑ අම්මේ....
මම වෙඩි තිබ්බා
ඒත් පත්තු උනේ නෑ අම්මෙ
මට වෙඩි වැදුණා
මට ලේ ගලනව
දැනුණා අම්මේ.......
මට වෙඩි තිබ්බ
ඒ අයියගෙ මූණ
හරි අහිංසකයි අම්මේ
ඒ අයියත් වැටුණ
එයාගෙත් ලේ ගැලුවා
ඒ ලේත් රතුයි අම්මේ
එයා මං දිහා බලල
මොනාද කිව්ව අම්මේ...
මං සිංහල දන්නෙ නෑ
ඒත් මට තේරුණා අම්මේ
"මට සමාවෙයන් මල්ලී...."
මම සමාව දුන්නා අම්මේ.......
ඉතින් මම යනවා
නංගිව මතක් කළා
කියපන් අම්මේ........

සඳම නුඹයි ...


පැතුම
යළි පුබුදුවාලූ ...
සිතම
යළි කළඹවාලූ ...
හදම
යළි තෙරපුවාලූ ...
සඳම නුඹයි
රෑ අහස සනසවාලූ ...

සුහද ඇරයුම ...















සොඳුරු වත
සඟවා නුඹ
කිම මේ
සැඟවෙන්නේ ...
නොදොඩා
කිසිදු වදනක්
දුටු ලෙස
රුදුරු රකුසෙක් ...

බඳිමි පෙම්
මම
නුඹට සැමදා
කිමද ගොළුවත
මෙලෙස
මා වෙත...

සුහද ඇරයුම
පිළිගන්න
දැන් නුඹ
පියඹන්න
පෙම් අඹර
වෙත හෙට .......