පිළිතුරු බඳිනු මැන.....

ඈත දියඹේ
ඇදෙන නෞකා
ඇමතුවේ
ගොඩවන්න නම් නොව...

ඇසුණිදෝ නෑසුනිද
නොදනිමි
නොමැත ලැබුනේ
පිළිවදන් නම්...

අවැසි නැත මට
පිළිවදන් දැන්
රිදෙන්නට තව
සිතක් නැති සඳ...

උඩඟු කම් ඔය
ගිලී ගියදා
හදවතට
පිළිතුරු බඳිනු මැන.....

3 comments:

Anonymous said...

ලස්සනයි

මෝඩයා said...

"උඩඟු කම් ඔය ගිලී ගියදා හදවතට පිළිතුරු බඳිනු මැන"....this is so true...nice post...:D.

හසී said...

අපූරුයි

Post a Comment