බිය නොවෙල්ලා

දිය පොදක් ඉල්ලා හඬා වැටුනු උන්ට
ලේ බිඳු පමණක් උරුම කළ
අකුරට සහන ඉල්ලූ උන්ට
පොලු පහර දුන්
දියඹේ දහදුක් විඳින උන්ට
වෙඩි උණ්ඩයෙන් සැලකූ
චන්ද වරම ඉල්ලා මහ මග රැස් වූ උන්ට
දස වධ දුන්
නරුම පාලක වන්දි භට්ටයනි
බිය නොවෙල්ලා
බිම වැටී තොපි යදින හිඟමනට
රැවටෙන උන් ලක්ෂ ගණන්
ඇති තවමත්

The End of the Road (Less Travelled)...


This is as far as I can walk
You are asking me to fly
Yes I can... I would love to...
But, I will have to set fire
To the forest that nurtured me for many years
I am afraid that I could not extinguish it, ever...
Sorry my dear I cannot do that
You may say I am rude
I do not disagree
I have to hurt someone...

මට තේරෙන්නෙ නෑ

මට තේරෙන්නෙ නෑ
ඩී. එන්. ඒ. වලවත්
ලේ වලවත්
හමේවත්
කොටල නැති
ජාතියක් ආගමක් හින්දා
කාටවත් වරදක් නැති අහිංසක මිනිහෙක්ව
'කොටන්න' ඕනෙ ඇයි කියල...
මම මෝඩ වැඩි වෙන්න ඇති
පැහැදිල කරල දීපල්ල
එහෙම කලාම
උඹේ ජාතිය හරි ආගම හරි දියුණු වෙනවද?
රට දියුණු වෙනවද?
මනුස්සකම් දියුණු වෙනවද?
හරි එහෙම නම්
'කොටහල්ලා'
තරඟෙට!!!

නොදනිමි


නොදනිමි මන්දැයි නොදැනෙන්නේ උන්ට
මනරම් හසරැල්ල නුඹේ
සුනිල හදවත නුඹේ
කිකිණි නාදය නුඹේ
නොදනිමි කිමැයි පෙනෙන්නේ පමණක්
ග්‍රහ තරු පලක් කිසි නැති...
සිතක් රිදවා සිතැඟි රදවා
නොදනිමි උන් පතන්නේ කිමැයි කියා...

That Voice...


When all else seem nonsense
Try to find that voice
That inner voice which is yours
The only thing that you truly own
If you cannot hear it
Be silent
Be slow
Be patient
It will call you
With the faintest voice
You will hear it
Focus,
Listen carefully
Then your task will be simple
Just follow it...
All else will make perfect sense!

හද ගැස්ම


විමසයි ම'සිත
නිබඳ
නෙතු නුඹේ
වත නුඹේ
හසරැලි නුඹේ
වදනක් නුඹේ
හද ගැසෙන සැමවිට...
දනිමි
හද ගැස්මද නුඹම බව...

ඈ...


සුළං රොදකි
අතරින් පතර
හමා විත්
නිසල වන ගැබ
සසල කරවන...

තාරකාවකි
දුරින් හිඳිමින්
දිසින් දැල්වී
අඳුරු අහසට
සිනා කැන්දන...

නිමල කුසුමෙකි
ළඟින් රැදෙමින්
හිමින් කොඳුරා
පාළු උයනට
සුවඳ වස්සන...

කෘතගුණය


ඇඟ ලේ කිරි කර පොවලා
කැත කුණු හෙම අතගාලා
නිති සෙනෙහස පෙන්නා ඈ
ළයෙහි හොවා නුඹ රැක්කා...

වියැළුණු දුරු කතර ගෙවා
නොතොරක් දහදිය සලළා
නුඹේ සිනා හින්දයි ඔහු
නොවිදින දහ දුක් වින්දේ...


සැප සම්පත් වැඩි වීලා
දිවි මංපෙත පැටලීලා
කොහිදැයි දැන් යන්නේ නුඹ
දෙගුරුන් අමතක කරලා...

ඇති සැටිය


කළලයක් - කළලයක්
ළඳරුවෙක් - ළඳරුවෙක්
දරුවෙක් - දරුවෙක්
මිනිහෙක් - මිනිහෙක්
සිංහල මිනිහෙක් - මුස්ලිම් මිනිහෙක්
බෞද්ධ මිනිහෙක් - ඉස්ලාම් මිනිහෙක්
කඩුවක් - කඩුවක්
මරණයක් - මරණයක්
මළ මිනියක් - මළ මිනියක්
මළ කුණක් - මළ කුණක්
ඇට සැකිල්ලක් - ඇට සැකිල්ලක්

පිපෙණු මැන සියපත


සහසකුත් පිනි බිඳු බර දරන්නට නොව
හිරු කිරණ වැද
විකසිතව
මකරන්ද
සුගන්ධ
විහිදුවන්නට
පිපෙණු මැන
සියපත...

සිහින සිත්තම


මකුළු හුයකින් බැඳි
සිහින සිත්තම
ප්‍රේමයේ රුදු මාරුතයෙන්
බිඳී විසිරී ගියා...


වියාගන්නට යළිත් වෙර නෑ
සැඬ සුළං රැළි තවම නිම නෑ


සිහින සිත්තම විසිරී ගියා...


තැවෙන්නට නම් සිතක් තව නෑ
ලියන්නට තව වදන් මට නෑ


සිහින සිත්තම විසිරී ගියා...

සැදැහැ සර


සුමියුරු පදවැලක එතුණු
සුලලිත ස්වර පෙළකින් තරම්
සුවයක් ලද හැකිද වෙනත් යමකින්....

සුවහසක් විඩා මැඬ
සුන්දරවු මිනිසුන් මැද
සුවබර සැඳෑ යාමයක
සුවපත් වුණෙමි විඳ
සුමිහිරි සැදැහැ සර.....


~ කොළඹ විශ්වවිද්යාලයීය පරිගණක අධ්‍යනායතනයේ දී 2012.05.31 දින පැවැති "පොසොන් සැදැහැ ගී සරණිය - 2012" වෙනුවෙනි...

පුනරාගමනය


දිනෙක,
නුඹ මා සොයා ආවාය
මිතුරු බස් තෙපලමින්
මා ළඟම රැඳුනාය
නමුදු...
මම නුඹට වෙර කළෙමි
නුඹව පන්නා දැමුයෙමි
අද,
යළිදු නුඹ ගෙන්වා ගතිමි
දනිමි...
නුඹට මම පෙම් කළෙමි
ඔව්, නුඹට පෙම් බඳිමි
ඉතින් ළඟ ඉනු මැනවි
මා සොඳුරු තනිකම...

නුඹට ජය


දෙනුවන විය
දෙසවන විය
රැවැටුණු විට
පැරැදුණු විට
දිවි කතර
අතරමඟ...
හමුව ඇත
කෙම්බිමක්
දැන් නුඹට...
සැරිසරන් තුටින්
සැමදා ඉතින්...
නෙලන් රිසි සේ
පෙම් අම පල...
පතමි සොයුර
මුළු හදින්
නුඹට ජය...

නෙතු


සොයුරිය
සුරැකිව තිබුණි නම්
නෙතු යුගල
නුඹේ...
විඳින්නට
නොව
අසිරි
ලොවෙහි...
දැකගන්නට
පමණක්
අසිරි
නුඹ මුවෙහි...

හිතල නැතුව වෙන්න ඇති...


උඹත් එක්ක මම වචන දහයක් වත්
කතා කරන්න නැතුව ඇති
ඒත් උඹ ගාව හිටන් ඉන්නකොට
මට දාපු එකම එක කොමෙන්ට් එක මතක් උනේ
හිතල නැතුව වෙන්න ඇති
"අපෝ ඔය රාජපක්ෂලා ගැන නම් කතා ඕනෙ නෑ..."
ඒ කොමෙන්ට් එක මතක් වෙලා හිනා ගියෙත්
හිතල නැතුව වෙන්න ඇති
එළියට එද්දි ආයෙත් හැරිල බැලුනෙ
හිතල නැතුව වෙන්න ඇති
ඒ හැරිල බලද්දි ඇස් දෙකට කඳුලක් ඉනුවෙත්
හිතල නැතුව වෙන්න ඇති...

විඳවමි


රිදුණු නිසා
නොව
රිදවූ නිසා...

කප් එක ;-)


අපෙ කසඩ සිංදු විකුණගන්න
අපෙ ඇඩ් එක පෙන්නගන්න
අපේ විළිය වසාගන්න
ඕං ආව බං කප් එක....

"හදවතින්ම චියර්" දෙන්න
පාර දිගේ උඩ පනින්න
පැරදුනොතින් මරාගන්න
ඕං ආව බං කප් එක....

පත්තරෙ පිටු පුරවගන්න
ප්ලෙයර්ස්ලාට මල් තියන්න
විවේචනේ පළකරන්න
ඕං ආව බං කප් එක....

"ලොකු පුතේ"


හතරවට සෙනඟ මැද
යන්තරේ හඬනවිට
ඒ කුරිරු හඬ මැදින්
ඔය විඩා නෙත් විදා
කඳුළු දවටා දෙකොපුලේ
ඇමතු විට
"ලොකු පුතේ"
කියා නුඹ ...
මගෙ හුස්ම වැටුණු හඬ
මගේ හද ගැහුණු හඬ
ඇසුනාද දන්නෙ නෑ
මා වටා හිටි උන්ට ....
හිත් නැතත් පිට වෙන්න
දැන් වෙනව සමුගන්න
ඉතින් මගෙ සුදු අම්මේ
ඉක්මණින් සුව වෙන්න .....


~~~බුදු සරණයි අම්මේ~~~

නුඹ නොවන නුඹ


නුඹ
වෙන්වී
නොදොඩා
ඈත් වී
සිටි එදා
රැකුයෙමි ගොළුවත
දකිනු රිසින්
නැවතත්
නුඹ නුඹ ම
ලෙසින්.....
බින්දෙමි
ගොළුවත
නුඹ යළිත් නුඹ ම
වී ඇතැයි සිතින්
සුසුම් කඳුළු
තවත්
නුහුලනු රිසින්...
නමුදු
මේ නුඹ ම ද?
කෙසේ විමසම් ද ඉතින්...
ඒ.. මම
නුඹව නොහඳුනන නිසා ද?
නුඹ නොවන නුඹව නොහඳුනන නිසා ද?