කප් එක ;-)


අපෙ කසඩ සිංදු විකුණගන්න
අපෙ ඇඩ් එක පෙන්නගන්න
අපේ විළිය වසාගන්න
ඕං ආව බං කප් එක....

"හදවතින්ම චියර්" දෙන්න
පාර දිගේ උඩ පනින්න
පැරදුනොතින් මරාගන්න
ඕං ආව බං කප් එක....

පත්තරෙ පිටු පුරවගන්න
ප්ලෙයර්ස්ලාට මල් තියන්න
විවේචනේ පළකරන්න
ඕං ආව බං කප් එක....