බිය නොවෙල්ලා

දිය පොදක් ඉල්ලා හඬා වැටුනු උන්ට
ලේ බිඳු පමණක් උරුම කළ
අකුරට සහන ඉල්ලූ උන්ට
පොලු පහර දුන්
දියඹේ දහදුක් විඳින උන්ට
වෙඩි උණ්ඩයෙන් සැලකූ
චන්ද වරම ඉල්ලා මහ මග රැස් වූ උන්ට
දස වධ දුන්
නරුම පාලක වන්දි භට්ටයනි
බිය නොවෙල්ලා
බිම වැටී තොපි යදින හිඟමනට
රැවටෙන උන් ලක්ෂ ගණන්
ඇති තවමත්

The End of the Road (Less Travelled)...


This is as far as I can walk
You are asking me to fly
Yes I can... I would love to...
But, I will have to set fire
To the forest that nurtured me for many years
I am afraid that I could not extinguish it, ever...
Sorry my dear I cannot do that
You may say I am rude
I do not disagree
I have to hurt someone...

මට තේරෙන්නෙ නෑ

මට තේරෙන්නෙ නෑ
ඩී. එන්. ඒ. වලවත්
ලේ වලවත්
හමේවත්
කොටල නැති
ජාතියක් ආගමක් හින්දා
කාටවත් වරදක් නැති අහිංසක මිනිහෙක්ව
'කොටන්න' ඕනෙ ඇයි කියල...
මම මෝඩ වැඩි වෙන්න ඇති
පැහැදිල කරල දීපල්ල
එහෙම කලාම
උඹේ ජාතිය හරි ආගම හරි දියුණු වෙනවද?
රට දියුණු වෙනවද?
මනුස්සකම් දියුණු වෙනවද?
හරි එහෙම නම්
'කොටහල්ලා'
තරඟෙට!!!

නොදනිමි


නොදනිමි මන්දැයි නොදැනෙන්නේ උන්ට
මනරම් හසරැල්ල නුඹේ
සුනිල හදවත නුඹේ
කිකිණි නාදය නුඹේ
නොදනිමි කිමැයි පෙනෙන්නේ පමණක්
ග්‍රහ තරු පලක් කිසි නැති...
සිතක් රිදවා සිතැඟි රදවා
නොදනිමි උන් පතන්නේ කිමැයි කියා...

That Voice...


When all else seem nonsense
Try to find that voice
That inner voice which is yours
The only thing that you truly own
If you cannot hear it
Be silent
Be slow
Be patient
It will call you
With the faintest voice
You will hear it
Focus,
Listen carefully
Then your task will be simple
Just follow it...
All else will make perfect sense!

හද ගැස්ම


විමසයි ම'සිත
නිබඳ
නෙතු නුඹේ
වත නුඹේ
හසරැලි නුඹේ
වදනක් නුඹේ
හද ගැසෙන සැමවිට...
දනිමි
හද ගැස්මද නුඹම බව...

ඈ...


සුළං රොදකි
අතරින් පතර
හමා විත්
නිසල වන ගැබ
සසල කරවන...

තාරකාවකි
දුරින් හිඳිමින්
දිසින් දැල්වී
අඳුරු අහසට
සිනා කැන්දන...

නිමල කුසුමෙකි
ළඟින් රැදෙමින්
හිමින් කොඳුරා
පාළු උයනට
සුවඳ වස්සන...