පියාණෙනි...

දුටිමි පියාණෙනි කඳුළැලි නෙතු අග
සඟවාගන්නට වෙර දරනා
නමදින විට පා යුග සෙනෙහෙන් මා
නැඟුණු කඳුළු නුඹ දුටුවද මන්දා ...

මවු පෙම දවටා පිය සෙනෙහස තුළ
දුන්නේ කෙලෙස ද ආදර පුතු හට
කෙතරම් දහදිය සැලුවා දෝ
ණයගැති වෙමි බිඳුවක් ගානේ ...

වෙන් වී යමි අද සරසවි බිම වෙත
අමතක නොකරමි පෙන්වූ නිසි මඟ
කෙතරම් ඔවදන් දුන්නාදෝ
ණයගැති වෙමි වදනක් ගානේ ...