නුඹ නොවන නුඹ


නුඹ
වෙන්වී
නොදොඩා
ඈත් වී
සිටි එදා
රැකුයෙමි ගොළුවත
දකිනු රිසින්
නැවතත්
නුඹ නුඹ ම
ලෙසින්.....
බින්දෙමි
ගොළුවත
නුඹ යළිත් නුඹ ම
වී ඇතැයි සිතින්
සුසුම් කඳුළු
තවත්
නුහුලනු රිසින්...
නමුදු
මේ නුඹ ම ද?
කෙසේ විමසම් ද ඉතින්...
ඒ.. මම
නුඹව නොහඳුනන නිසා ද?
නුඹ නොවන නුඹව නොහඳුනන නිසා ද?

Forever...


Up in the heaven

There was an angel,
I didn't know
That it was you...
Who ceased the darkness
And wiped the sadness....
Be here
Forever...
Leave me
Never...
We'll go on
To thrive
Our dreams....
Together
Yeah, Forever...

චිරං ජයතු.....


උපන් දින උත්සවේ - පෝස්ටර් හැමතැනම
වෙඩි මුරත් ඇහෙනවා - යකඩ කට අඬනවා...

ඒත් මට එන්න බෑ - දෙපයටම වාරු නෑ
ආවත් බලන්න බෑ - මගේ ඇස් දෙකම නෑ...

අද මගෙත් උපන්දිනේ - කවුරුත්ම ආවේ නෑ
කාටවත් මතක නෑ - ඒත් මට කමක් නෑ...

කඳුළක් වැටෙනවා - කම්මුලට දැනෙනවා
එ කඳුළු පිසූ අත් - නැති අඩුව දැනෙනවා...

වෙඩි සද්දේ දෙසවනේ - තාම රැව් නඟනවා
ඒ සද්දෙ උඹට නෑ - මට සතුටු දැනෙනවා...

"චිරං ජයතු මහරජාණෙනි" - ඝෝසාව ඇහෙනවා
හුදෙකලා සයනයේ - මම නිදාගන්නවා......

සොඳුරු දනව්වට....


මතකය දිව්වා ටිකක් අතීතයට
මතක් උනා මේ පද ටික
හරියටම
2010 අප්‍රේල් 24 වෙනිදා හවස 6.43 ට
දාපු මගේ සිතුවිල්ල...

සොඳුරු දනව්ව

"අතීතයෙ අකල් වර්ෂාවෙන්
තෙතබරිත වූ පියපත්
උසුලන්නට නොහැක තවත්

ගලවා වීසි කර දැමුයෙමි ඈතටම
දැනුන මුත් රිදුම්...
සොයමි දැන්
පියපත් යුගලක් නැවුම්
පියඹන්නට තුටින්
සොඳුරු දනව්වට
අනාගතයේ... "
(http://sithuwilla.blogspot.com/2010/04/blog-post_24.html
)

අද මට හිතුණා
ඒකට පොඩි උත්තරයක්...
මෙන්න ඒ සිතුවිල්ල....


"ලැබුණි පැතු සේ
පියපත් යුගලක්
පිවිතුරුය - සුන්දරය
රැකගනිමි ඉඳින්
රුදුරු වරුසාවෙන්...
රැඳෙනු මැන
සැමදා දිදුළමින්...
පියඹමි තුටින් දැන්
ඒ සොඳුරු දනව්වට
අනාගතයේ.....

ඒ ලේත් රතුයි අම්මේ.....


උන් මාව අරන් ගිය දවසෙ
උඹ ඇඬුව හැටි මතකයි අම්මේ
තුවක්කුව දුන්නට
මට කොකා ගහන්න
හයියක් නෑ අම්මේ
මට කවුරුත් මරන්න
ඕනෙ උනේ නෑ අම්මේ....
මම වෙඩි තිබ්බා
ඒත් පත්තු උනේ නෑ අම්මෙ
මට වෙඩි වැදුණා
මට ලේ ගලනව
දැනුණා අම්මේ.......
මට වෙඩි තිබ්බ
ඒ අයියගෙ මූණ
හරි අහිංසකයි අම්මේ
ඒ අයියත් වැටුණ
එයාගෙත් ලේ ගැලුවා
ඒ ලේත් රතුයි අම්මේ
එයා මං දිහා බලල
මොනාද කිව්ව අම්මේ...
මං සිංහල දන්නෙ නෑ
ඒත් මට තේරුණා අම්මේ
"මට සමාවෙයන් මල්ලී...."
මම සමාව දුන්නා අම්මේ.......
ඉතින් මම යනවා
නංගිව මතක් කළා
කියපන් අම්මේ........

සඳම නුඹයි ...


පැතුම
යළි පුබුදුවාලූ ...
සිතම
යළි කළඹවාලූ ...
හදම
යළි තෙරපුවාලූ ...
සඳම නුඹයි
රෑ අහස සනසවාලූ ...

සුහද ඇරයුම ...















සොඳුරු වත
සඟවා නුඹ
කිම මේ
සැඟවෙන්නේ ...
නොදොඩා
කිසිදු වදනක්
දුටු ලෙස
රුදුරු රකුසෙක් ...

බඳිමි පෙම්
මම
නුඹට සැමදා
කිමද ගොළුවත
මෙලෙස
මා වෙත...

සුහද ඇරයුම
පිළිගන්න
දැන් නුඹ
පියඹන්න
පෙම් අඹර
වෙත හෙට .......

මුවැත්තියේ















මුවැත්තියේ
වදනින් නුඹේ
සනසනු මැන
දෙසවන
මගේ ...

මුවැත්තියේ
කැළුමින් නුඹේ
පිනවනු මැන
දෙනයන
මගේ ...

මුවැත්තියේ
සිනහවෙන් නුඹේ
සරසනු මැන
දිවියම
මගේ ...

මුවැත්තියේ
සෙනෙහෙන් නුඹේ
නළවනු මැන
හදවත
මගේ ...

ඉදිරිය සුභයි

නොවැටෙනු ඉතින්
පලක් නැත
ආ මඟෙන් ...
ඉදිරිය සුභයි
නොසැලෙන්
නොතැවෙන්
ජයගන්
තුටින් .....

පතමි ජය ...

ගිමන් නිවන්
මඳක් නැවතී
විඩාබර ගමනේ
ගිරිකුලක් ඇත
ඔබේ අභියස
තරණයට කැප වූ ...
ජය නුඹේමයි
කරන් අදිටන්
එක සිතින්
පැහැදී ...
පතමි ජය
හෙට දිනට
කුමරිය
ගෙනෙනු මැන
අභිමන් .....

පිළිතුරු බඳිනු මැන.....

ඈත දියඹේ
ඇදෙන නෞකා
ඇමතුවේ
ගොඩවන්න නම් නොව...

ඇසුණිදෝ නෑසුනිද
නොදනිමි
නොමැත ලැබුනේ
පිළිවදන් නම්...

අවැසි නැත මට
පිළිවදන් දැන්
රිදෙන්නට තව
සිතක් නැති සඳ...

උඩඟු කම් ඔය
ගිලී ගියදා
හදවතට
පිළිතුරු බඳිනු මැන.....

.... ලු

පණ වගේ මම ආදරේලු
ඔයත් එක්කම මැරෙනවාලු
ඕනෙ මඟුලක් කරනවාලු
එදා එහෙමයි කිව්වෙ යාලු ...

කලින් තේරුන්නෑලු
දැන්නම් පේනවාලු
එහෙමත් සිද්ද වෙනවාලු
මට නොතේරේ ඕවා යාලු ...

මට දැන් නැතේ පාලු
උඹලා වටකර ඉන්නවාලු
හෙටක් ලස්සන තියෙනවාලු
මුහුදෙ තව තව සිටී මාලු .....

Sunshine

Sunshine ...
Hidden under sea
Brighter than moon
Deeper than sky
Falling down
Drop by drop
Making little sounds
I can't hear 'em
But I can feel 'em
What I feel?
I don't know ...
Tell me please
My dear friend ...

පියාණෙනි...

දුටිමි පියාණෙනි කඳුළැලි නෙතු අග
සඟවාගන්නට වෙර දරනා
නමදින විට පා යුග සෙනෙහෙන් මා
නැඟුණු කඳුළු නුඹ දුටුවද මන්දා ...

මවු පෙම දවටා පිය සෙනෙහස තුළ
දුන්නේ කෙලෙස ද ආදර පුතු හට
කෙතරම් දහදිය සැලුවා දෝ
ණයගැති වෙමි බිඳුවක් ගානේ ...

වෙන් වී යමි අද සරසවි බිම වෙත
අමතක නොකරමි පෙන්වූ නිසි මඟ
කෙතරම් ඔවදන් දුන්නාදෝ
ණයගැති වෙමි වදනක් ගානේ ...

No it is not...













She is an angel - no it is not

It is impossible - no it is not
I'm in the heaven - no it is not
I'm swinging in a cradle - no it is not
She is looking at me - no it is not

She is smiling with me - no it is not

She is holding my hand - no it is not
...
This is my station - NO IT IS NOT!!!

සමාවෙයන්

විස තුඩු වැදුනිද මන්දා
වැදී රිදුනිද මන්දා
සමාවෙයන්
පුංචි කුමරියේ...
සඟවන්නම්
අනඟ බඹර තුඩු...
රැඳෙනු මැන
විකසිතව සුවඳ දී
හිනැහී ළබැඳි ලෙසින්
සතුටින් බැඳී
නොමියෙන මිතුදමින්...

චැරිටි

පෝය දාට
සුදුම සුදු වතින් සැරසී
තෙල් මල් නැතත්
පොෂ් කාර් එකෙන්
පොළොවට අඩියක් උඩින් ඉගිල්ලී
සැදැහැ සිතින්
යමු පන්සල්...
චැරිටි කොරන්ට
හැමෝටම පේන්ට
පින් පුරවගන්ට
ඊළඟ භවයට...

සොඳුරු දනව්ව

අතීතයෙ අකල් වර්ෂාවෙන්
තෙතබරිත වූ පියපත්
උසුලන්නට නොහැක තවත්
ගලවා වීසි කර දැමුයෙමි ඈතටම
දැනුන මුත් රිදුම්...
සොයමි දැන්
පියපත් යුගලක් නැවුම්
පියඹන්නට තුටින්
සොඳුරු දනව්වට
අනාගතයේ...

පවු පිරේවි නුඹට

නුඹ වෙනුවෙන්
එකදු කඳුලක්
කිසි දිනෙක
නොසැලූ නෙතක් නිසා...
නුඹ වෙනුවෙන්
සයුරක හැඬූ
නෙතකට
එපා කදුලු දෙන්න තවත්
පවු පිරේවි මිතුර නුඹට...

දන්නවද?

මෙන්න මගේ හදවත
සෙල්ලම් කරපියවු ඇති වෙනකන්
හම ගැහිලා පතුරු යනකන්
විසික්කපන් කොහාට හරි
ඇති උනාම තොපිට...
මම හොයාගන්නම් කොහොමහරි
හොඳ කරගන්නම් බෙහෙත් දාලා...
හැබැයි තොපි දන්නවද
ඒ බෙහෙත් මොනාද කියල
මං දන්නෙ නෑ කියල???

පරාජිතයා

එදා...
මුසාවට, අඳුරට
පැරදුනු නුඹ
අද...
නුඹටම පැරදී
හඬා වැටෙනයුරු
නොපෙනේද කුමරියේ?
විමසා බලන් නැවත වරක්
මම නොවෙයි පැරදුනේ
පරාජිතයා නුඹයි
පිවිතුරු ප්‍රේමයේ...

නෙතු පෑදේවා

සුව වේවා නෙතු
සියල් පැතුමින්
පෙර මං සුභයි
සොයුර නෙතු යොමන්
වලා පටල බැඳි සියල්
බිදී යේවා ඉදින්
නෙතු පෑදේවා ඔබ
මින් මතු නිතින්...

ආත්ම වංචාව

"මේ පෙම නොවේ" යැයි
නුඹ පැවසූ වදනට
හද පත්ලෙන් නැඟී
නෙතු අගින් රූරා හැලෙන
කඳුලු බිඳුව
අත්ල ට ගෙන බලන්න...

කියන්න ඉතින්
එයත් කඳුලක්
නොවේ කියා .....

තීන්දුව

විනිසුරු ද
ජූරිය ද
නුඹ ම වූ උසාවියේ
පැමිණිලිකරු ද
සාක්ෂිකරු ද
විත්තිකරු ද
මම වෙමි...

ඉතිරිව නැත තවත්
එකදු පැමිණිල්ලක්
එකදු සාක්ෂියක්
එකදු කරුණක් නිදහසට...

ඉතින් දෙනු මැනවි තීන්දුව
මම ම නොවෙ ද වැරදිකරු?

(නො)නිමි ...

ගයන්නට වදනක් ද
වයන්නට තනුවක් ද
නොමැති
නොනිමි වූ ගීයක
රස විදිමි
අඳුරු කුටියක
නිසල සයනෙක
හුදෙකලාවක
අතරමං වී ...

The Launchpad

The ship is gone
Me...
Sitting at the launchpad
Searching for the destination....

I feel clumsy
It's all getting dark
I hear the shore
It's laughing at me...

I wanna say something
I wanna shout out
But my lips don't move

My destination is gone
It's disappearing
In the horizon

I'm taking a step
But I feel it's too dark now

I hear the shore
It's calling for me ...

Freedom



--
http://sithuwilla.blogspot.com/

Destination

When you lose
I will be there
To hold you close
And catch your tear....

When you win
I will be there
In to the divine
And make way clear....

When it's dark
I'll stay here
Please come back
If you feel any fear .....