නුඹට ජය


දෙනුවන විය
දෙසවන විය
රැවැටුණු විට
පැරැදුණු විට
දිවි කතර
අතරමඟ...
හමුව ඇත
කෙම්බිමක්
දැන් නුඹට...
සැරිසරන් තුටින්
සැමදා ඉතින්...
නෙලන් රිසි සේ
පෙම් අම පල...
පතමි සොයුර
මුළු හදින්
නුඹට ජය...