Paradox

I do smile but he doesn't
You do smile and she too ...
I do hurt but he doesn't
You do hurt and she too ...
I don't cry but he does
You don't cry and she too ...
I don't love but he does
You don't love and she too ...

I don't understand, does he?
Do you understand? Does she?

සුභ ගමන් සොඳුරියේ


පවසන්න යමක්
එකම වතාවක්
ගොලු වී යන්නට මත්තෙන් ...

හිනාවෙන්න තවත්
එකම වතාවක්
කදුළක් වැටෙන්න මත්තෙන් ...

හැරී බලන්න නැවතත්
එකම වතාවක්
නොපෙනී යන්නට මත්තෙන් ...

නුඹ දිලුනාවේ ...










රිදුනාවේ හිත රිදුනාවේ
බිඳුනාවේ හද බිඳුනාවේ
තෙමුනාවේ නෙතු තෙමුනාවේ
දුර අහසේ නුඹ දිලුනාවේ ...

ඉතින් යළි .........

ඉඩ දෙන්න
හැඟුමකට
ඉගිලෙන්න ඉතින්
සලා ඔය පියපත් ...
හිඳිමි මම
රැකගන්න ...

අහස නුඹෙයි
නද දෙන්න ...

සිඳලන්න
යදම් බැමි
පිසලන්න
කඳුලු රැළි ...

මෙහි එන්න
ඉතින් යළි .........