තීන්දුව

විනිසුරු ද
ජූරිය ද
නුඹ ම වූ උසාවියේ
පැමිණිලිකරු ද
සාක්ෂිකරු ද
විත්තිකරු ද
මම වෙමි...

ඉතිරිව නැත තවත්
එකදු පැමිණිල්ලක්
එකදු සාක්ෂියක්
එකදු කරුණක් නිදහසට...

ඉතින් දෙනු මැනවි තීන්දුව
මම ම නොවෙ ද වැරදිකරු?

2 comments:

dakshika said...

නැත,
එකදු පැමිණිල්ලක,
එකදු සාක්ෂියක,
අරුත වටහා නොගත්,
උසාවිය මත,
නුඹයි එකම නිවැරදි කරු,
කියනු ඇත මහ හඩින්,
හෘද සාක්ෂිය අවදියෙන්....

රවා said...

යත්‍රිකයා.. හෘද සාක්ෂිය මොන පැත්තට පක්ෂවද සාක්ෂි දෙන්නෙ.. එතන තමයි සැනසීම..

Post a Comment