ආත්ම වංචාව

"මේ පෙම නොවේ" යැයි
නුඹ පැවසූ වදනට
හද පත්ලෙන් නැඟී
නෙතු අගින් රූරා හැලෙන
කඳුලු බිඳුව
අත්ල ට ගෙන බලන්න...

කියන්න ඉතින්
එයත් කඳුලක්
නොවේ කියා .....

7 comments:

dakshika said...

මචන් ඇත්තම කියන්නම්...මට ඇඩුනා.. ඒ ආවෙ ඇත්තම කදුලු..කවද හරි උන්ට ඇත්ත තේරෙයි, ඒත් එදාට ගොඩක් පරක්කු වැඩියි..

ඉලංදාරියා said...

ජිවිතය ඉකිගැසුවිට
හදවතේ ක්දුල පුරවා
කඩාවැටි මහපොලවට
පලක් නැහැ අපිට.....

ඉල්ලන දේ දේනකන්
කියනදේ කරන්කන්
උන්ගේ හැටි ඔහොමම්යි
ආදරය නොහදුනන.......

රවා said...

කෑගැස්සුනා මටත්...එහෙම කියද්දි....මොනවා කරන්නද බන්.... මටයි එතනදි වැරදුනෙ කියලා හිත හදාගෙන ආවා... ගෙදර ඇවිල්ලා ඇදෙ පෙරලි පෙරලි හිටියා දවස් දෙකක් තුනක් විතර.. එදා වැටිච්චි වැටිල්ල අදටත් මම බඩගානවා... දණ ගානවා... ඉස්සෙනවා.. වැටෙනවා...නැගිටින්න හදද්දිම හදවතම ඇදලා වට්ටනවා..." ලැජ්ජා විදපන්, නොංජලයෙක් වගෙ හිටපන්, පිස්සෙක් වගෙ කියවපන්, හැබැයි නැගිටින්න එපා.. මොකද උබව ආපහු වැටුනොත් මට දරාගන්න බැරිවෙයි, මාව නතර වෙයි... උබ ඔහොමම හිටපන්... එක උබටත් හොදයි,,,, මටත් හොදයි..."

උඹටත් මෙ දුක පොදුයි නෙද. මල්ලි උඹ කියන්න එපා හිතින් මවාගෙන ලිව්වෙ කියලා.. මෙච්චර ලස්සනට වචන කිපයකින් ලියන්න බැහැ තුවාලෙ හදවතෙ නැත්නම්..මගෙ නමත් රවි තමයි..මම ත් එතකොට 21 යි... මල්ලි හොදට ඉගෙන ගන්න.....මම අමතක කරපු දෙ එකයි..

එයි ඉලංදාරියා.. හැබැයි හැමොම එහෙම නැහැ බන්.... අම්මා...

විශ්මි said...

නිර්මාණය අපූරුයි මල්ලි.... පද ගොඩකින් කියන්න වෙන කතාවක් ඔයා සරලව කෙටියෙන් කියල තියෙනව......

``` Outsider``` said...

ගොඩක් සංවේදී කතාවක් පුංචි වචන කීපයකට ගොනු කරල. හරිම නිර්මාණශීලී. රවා කියනව වගේම මේක අත්දැකීමක ඵලයක් වෙන්න ඕනි. මොකද සියල්ල ඔයාට කලින් අපි අත්විඳල තියෙන නිසා අපිට දැනෙනව.

පිස්සා පලාමල්ල said...

මටත් ඇහට කදුලක් ආව මචන්. මමත් ඔය දුක අද විදිනව...
මොනව කරන්නද... ආදරය තෙරුම් ගන්න බැරි හිතකට ආදරය කලාම ඔහොම තමා... තනියම විදවනව... මෙ පාලු රටෙ.. පාලු කාමරේ... හ්ම්ම්...

බිඟූ said...

ela idea eka machan...

Post a Comment