පරාජිතයා

එදා...
මුසාවට, අඳුරට
පැරදුනු නුඹ
අද...
නුඹටම පැරදී
හඬා වැටෙනයුරු
නොපෙනේද කුමරියේ?
විමසා බලන් නැවත වරක්
මම නොවෙයි පැරදුනේ
පරාජිතයා නුඹයි
පිවිතුරු ප්‍රේමයේ...

3 comments:

dakshika said...

”මම තවත් ඇයට පෙම් නො කරමි
ඇත්තයි
ඒත් සමහර විට
මම ඇයට පෙම් කරමි
ආදරය නම් කෙටියි
ඒත් මතකයෙන් ඈත්වීම
කෙතරම් දිගු ද?"

නිම් නැති තුන්යම - බුද්ධදාස ගලප්පත්ති

රවා said...

පරාජිතයා නුඹයි
පිවිතුරු ප්‍රේමයේ...
නුඹයි පරාද කලෙ එය..
ආපසු නොබලන් කුමරිය..
ඇවිද ගිය මං මාවත් දෙස..
අතරමං විය මා..

සොයන්නෙමි නුඹ
ඉරි තැලුනු මාවත් තුල..

අගනා දෙයක් .. මට කියලා දුන්නා...

බිඟූ said...

මේ තියෙන්නේ ඇරලා එයාට

/බිඟුවා...!

Post a Comment