පියාණෙනි...

දුටිමි පියාණෙනි කඳුළැලි නෙතු අග
සඟවාගන්නට වෙර දරනා
නමදින විට පා යුග සෙනෙහෙන් මා
නැඟුණු කඳුළු නුඹ දුටුවද මන්දා ...

මවු පෙම දවටා පිය සෙනෙහස තුළ
දුන්නේ කෙලෙස ද ආදර පුතු හට
කෙතරම් දහදිය සැලුවා දෝ
ණයගැති වෙමි බිඳුවක් ගානේ ...

වෙන් වී යමි අද සරසවි බිම වෙත
අමතක නොකරමි පෙන්වූ නිසි මඟ
කෙතරම් ඔවදන් දුන්නාදෝ
ණයගැති වෙමි වදනක් ගානේ ...

3 comments:

පිස්සා පලාමල්ල said...

පිය ගුණ ගැන කියල නිම කරන්න බැහ... ලස්සන නිර්මානයක්

isimbuwa said...

නුඹේ ලොවට ඉරත් හදත් රැගෙන දෙව් ලොව සිට මෙලොවට වැඩි දෙවිදුන් ඒ අනෙකෙකු නොව නුඹේ පියා මැයි.

Anonymous said...

තාත්තා ..
නිමා නොවෙන
සෙනෙහසක්
එක වදනකින්..

Chejana

Post a Comment