ඒ ලේත් රතුයි අම්මේ.....


උන් මාව අරන් ගිය දවසෙ
උඹ ඇඬුව හැටි මතකයි අම්මේ
තුවක්කුව දුන්නට
මට කොකා ගහන්න
හයියක් නෑ අම්මේ
මට කවුරුත් මරන්න
ඕනෙ උනේ නෑ අම්මේ....
මම වෙඩි තිබ්බා
ඒත් පත්තු උනේ නෑ අම්මෙ
මට වෙඩි වැදුණා
මට ලේ ගලනව
දැනුණා අම්මේ.......
මට වෙඩි තිබ්බ
ඒ අයියගෙ මූණ
හරි අහිංසකයි අම්මේ
ඒ අයියත් වැටුණ
එයාගෙත් ලේ ගැලුවා
ඒ ලේත් රතුයි අම්මේ
එයා මං දිහා බලල
මොනාද කිව්ව අම්මේ...
මං සිංහල දන්නෙ නෑ
ඒත් මට තේරුණා අම්මේ
"මට සමාවෙයන් මල්ලී...."
මම සමාව දුන්නා අම්මේ.......
ඉතින් මම යනවා
නංගිව මතක් කළා
කියපන් අම්මේ........

4 comments:

දයියා said...

මොහොතකට මට මාවම අමතක උනා මලේ.

Anonymous said...

එල,
වෙනම angle එකක් නිසා

smilesNtears said...

හදවත නැවතුනා වගේ දැනුණා මොහොතකට...අපූරු සිතුවිල්ලක් රවි..

smilesNtears said...

හදවත නැවතුනා වගේ දැනුණා මොහොතකට...අපූරු සිතුවිල්ලක් රවි..

Post a Comment