ඉදිරිය සුභයි

නොවැටෙනු ඉතින්
පලක් නැත
ආ මඟෙන් ...
ඉදිරිය සුභයි
නොසැලෙන්
නොතැවෙන්
ජයගන්
තුටින් .....

පතමි ජය ...

ගිමන් නිවන්
මඳක් නැවතී
විඩාබර ගමනේ
ගිරිකුලක් ඇත
ඔබේ අභියස
තරණයට කැප වූ ...
ජය නුඹේමයි
කරන් අදිටන්
එක සිතින්
පැහැදී ...
පතමි ජය
හෙට දිනට
කුමරිය
ගෙනෙනු මැන
අභිමන් .....

පිළිතුරු බඳිනු මැන.....

ඈත දියඹේ
ඇදෙන නෞකා
ඇමතුවේ
ගොඩවන්න නම් නොව...

ඇසුණිදෝ නෑසුනිද
නොදනිමි
නොමැත ලැබුනේ
පිළිවදන් නම්...

අවැසි නැත මට
පිළිවදන් දැන්
රිදෙන්නට තව
සිතක් නැති සඳ...

උඩඟු කම් ඔය
ගිලී ගියදා
හදවතට
පිළිතුරු බඳිනු මැන.....