හිතල නැතුව වෙන්න ඇති...


උඹත් එක්ක මම වචන දහයක් වත්
කතා කරන්න නැතුව ඇති
ඒත් උඹ ගාව හිටන් ඉන්නකොට
මට දාපු එකම එක කොමෙන්ට් එක මතක් උනේ
හිතල නැතුව වෙන්න ඇති
"අපෝ ඔය රාජපක්ෂලා ගැන නම් කතා ඕනෙ නෑ..."
ඒ කොමෙන්ට් එක මතක් වෙලා හිනා ගියෙත්
හිතල නැතුව වෙන්න ඇති
එළියට එද්දි ආයෙත් හැරිල බැලුනෙ
හිතල නැතුව වෙන්න ඇති
ඒ හැරිල බලද්දි ඇස් දෙකට කඳුලක් ඉනුවෙත්
හිතල නැතුව වෙන්න ඇති...

0 comments:

Post a Comment