නෙතු පෑදේවා

සුව වේවා නෙතු
සියල් පැතුමින්
පෙර මං සුභයි
සොයුර නෙතු යොමන්
වලා පටල බැඳි සියල්
බිදී යේවා ඉදින්
නෙතු පෑදේවා ඔබ
මින් මතු නිතින්...

5 comments:

dakshika said...

අනේ මන්ද... මේ කිව්වෙ කොයි නෙතුද මචන්.. දැන්නම් පරන නොපෙනිච්ච ඇසුත් පේනව..

අපි නොදකින්නෙ අපි ඒ දේවල්වලට ආදරේ හන්ද, ඒත් ඒවා හැමදාම අන්ධ වෙලා තියෙනවනම් අපිවත් අපේ ඇස් ඇරගන්න වෙනවා. මාත් දැන් කරන්න උත්සහ කරන්නෙ ඒක, උඹ මේක ලිව්වෙ කා වෙනුවෙන් උනත් මට දැනුන විදිහට තමා මන් කිව්වෙ..

පෑදුනත් නෙතු
සියල් පැතුමින්
කුමක් බලමිද
නොසිදු මඟ හිද

රවා said...

යාත්‍රිකයා හරිම සුන්දරව ලියලා තියනවා.. ස්තුති යහලුවා පළ කරාට...

දිල් said...

හරිම සුන්දර පද ටිකක්...

නෙතු පෑදේවා !

Ravihansa said...

සියපත සුන්දර
නෙතදර සුපිපුන
සකිසඳ පින්බර
පෙනේවි හෙට දින...

නොබලන් දුර නුඹ
මිරිඟුව රවටන
සුරකින් සියපත
දෙනෙතට පෙම් කළ...

dakshika said...

ස්තූතියි මා මිතුර.. උඹල ලඟ ඉන්න එක හිතට ලොකු හයියක්,, උඹලට ගොඩක් පින්...

Post a Comment