පවු පිරේවි නුඹට

නුඹ වෙනුවෙන්
එකදු කඳුලක්
කිසි දිනෙක
නොසැලූ නෙතක් නිසා...
නුඹ වෙනුවෙන්
සයුරක හැඬූ
නෙතකට
එපා කදුලු දෙන්න තවත්
පවු පිරේවි මිතුර නුඹට...

6 comments:

Naya said...

හොඳ අර්ථයක් තියනවා..

රවා said...

ගොඩක් මිනිස්සු තමුන්ට හිමි දෙ අතහැරලා, තමුන්ට නැති දෙ ගැන වදවෙනවා.. හැබැයි ටිකක් මිනිස්සු ඉන්නවා.. තමුන් එකතු කරගත්දෙ රැක ගන්න වෙහෙසෙන....මෙ කවිය ඇතුලෙ මගෙ ජිවිතෙම හිර කරලා..
හැමදාම පෙන්න, ලඟින් ඉන්න කෙනාට වැඩිය ඇතින් ඉන්න කෙනා ගැන තමයි හිත් හිතන්නෙ.. හරිම පුදුම දෙයක් ..

මගෙ සිත් ඉම.. කියලා බ්ලොග් එකක් තියනවා. රසික කියලා අයියා කෙනෙක් කරන්නෙ.. මෙ වගෙ කෙටි කවි ලියනවා හරිම ලස්සනට.. ඔයා එ පැත්තෙ ගිහින් තියනවද ... හරිම ලස්සනයි

Anonymous said...

ඔන්න නියම කවිය... මගෙ හිත කියවනවද ඔයා? ලස්සනයි කවිය.

Anonymous said...

ජීවිතේ අපි තමුන්ගේම කියලා ලං කර ගත්තු අය වෙනුවෙන් අපේ ලග කදුලක් තියෙනවා හැමදාමත්..... එයාලා මොන දේ කීවත් කලත් ඒක වෙනස් වෙන්නේ නෑ..... මේ කවි පෙලේ ඒ කතාව තියෙනවා...
ඒත් කෙනෙක්ව තමුන්ගේ කරගන්න උත්සාහ කරද්දී බොරුවට හෙලපු කඳුලු ඒ කෙනා අයිති නොවුන දාට වේලිලා යන රැවටීමුත් මේ ලෝකේ ඕනා තරම්.....

Harshi said...

මා වෙනුවෙන් ඔහු
එකඳු කඳුලක්
කිසි දිනෙක නොසැලුවත්
අදරය කල සිතට පිටු පා
වෙනකෙකුගේ කඳුලු ගැන
කෙලෙස වද වෙමි ද...
හිත ගිය තැන මාලිගාවනේ
කුමක් කරමි ද...

Chanaka said...

ආදරය
හදවතින් නොවෙයි
නුවනෙතින් දකින දාට
දැනේවි
නුඹට
කඳුළු සැලූ දෙනෙතෙහි සැඟවුනු
දයාබරත්වය.............

අහස් මාලිගා නම්
බිඳවැටේවි
ඒත්
අවබෝධයෙන් තනන කැදැල්ල
රැකේවි
හැමදාම...............

Post a Comment