චැරිටි

පෝය දාට
සුදුම සුදු වතින් සැරසී
තෙල් මල් නැතත්
පොෂ් කාර් එකෙන්
පොළොවට අඩියක් උඩින් ඉගිල්ලී
සැදැහැ සිතින්
යමු පන්සල්...
චැරිටි කොරන්ට
හැමෝටම පේන්ට
පින් පුරවගන්ට
ඊළඟ භවයට...

4 comments:

රවා said...

මචන් මිනිස්සු එ මිනිස්සුන්ගෙ මට්ටම් වලින් එ එ ආකාරයෙන් පිං කරගන්නවා.. ලක්ෂයක් තියන කෙනත් 200 යකින් පිං කරනවා..
500 ක් තියන සමහර අයත් 200 කින් පිං කරනවා හරිම අපුරුයි පද පෙළිය.. අන්තිමට පිං තමයි හැමොම හොයන්නෙ.. බයට නෙද...

දිල් said...

බොරුවට කාටවත් පේන්න පිං රැස් කරන්න පුළුවන්නම්...මේ මිනිස්සුන්ට ඉතින් ආත්මයක් තියෙන එකක් නෑ

dakshika said...

එක වැරදි කියල කියන්න බෑ... හැමදේම එකිනෙකා දකින විදිය වෙනස්.. ඇයි පොශ් උන්ට පින් හම්බ වෙන්නෙ නැද්ද... එක වෙන්නෙ පොශ් කියන එක මත නෙමෙ. ශ්‍රද්ධාව මත...

Ravihansa said...

මචන් කරුමක්කාරයා උඹ ආයෙත් මේක කියවපන්... මම අදහස් කළේ අනිත් අයට පේන්නවත්, ඊළඟ භවයට පින් කරගන්න එක විතරක්ම අරමුණු කරගෙනවත්, ඒ දේවල් කරන්න එපා කියල. උඹ කරන දෙයින් උඹටවත් අනුන්ටවත් කිසි කරදරයක් නැතුව හැමෝටම සතුටක්, සුවයක් දැනෙනවනම් අන්න ඒකටයි පින කියන්නෙ. එහෙම දෙයක් කරන්න අපි අනිත් අයට දැනෙන්නෙ කොහොමද කියලා හිතන්න ඔනේ. එහෙම නැතුව කරන්නන් වාලෙ, ප්‍රසිද්ධියට මුකුත්ම කරල වැඩක් නෑ. එහෙම නේද?

Post a Comment