තවත් එකම එක තත්පරයක්...

බැඳ තබන්නට
හැකි නම් තත්පර කටුව
තවත් එකම එක තත්පරයක්...

සැනසෙන්නට
තවත් එකම එක තත්පරයක්
මට හිමි නැති සිනහවෙන් නුඹේ...

නැළවෙන්නට
තවත් එකම එක තත්පරයක්
මට හිමි නැති වදනකින් නුඹේ...

මුමුණන්නට
තවත් එකම එක තත්පරයක්
මට හිමි නැති හදවතට නුඹේ.....

කෑරලෝ ආයෙත් වරෙන්

මාත් එක්ක මෙච්චර කල් ආදරෙන් ඉදපු උඹ
මාව රිදවලා ඈතට ඉගිල්ලිලා ගියාට
මම උඹත් එක්ක තරහා නෑ...
මට උඹ නැතුව පාලු‍යි...
කෑරලෝ...
මට ඇහෙනව උඹ කෑගහන සද්දෙ
හුළඟත් එක්ක එතිල කොහේදෝ ඉදන්
පුලුවන්නම් වරෙන් ආයෙත්...
මම උඹව රිදවන් නෑ...

සේයා රුව

මේ නිශා යාමයේ
අහම්බෙන් වගේ නෙතු ගැටුනු
ඒ සැගැවුනු සේයා රුව
මෙතුවක් කල් නිදා සිටි
ඳුලු බිඳු
කීද්දූ අරුමය...

I know ...

I want to forget it
Yeah, I can forget it
Now I'm forgetting it
No... No...,
I cant forget it!
I know...
I never wanted to forget it...
Though I wanted to forget it - I couldn't forget it
Tel me what to do now ...
No.. don't tell me
I know...
I'll forget about forgetting it !!!

නාඳුනන්ණෙනි ...

සිත් යාය ගිලිහුණි,
නාඳුනන්ණෙනි
සමාවුව මැනවි ...
නමුදු මතු දිගු කලෙක
නුඹෙ මතක රැදෙනු ඇත ...
සියල්ලෝ නුඹ අ
ඳුනන්නෝ වනු ඇත
නුඹ සියල්ලන්ම අ
ඳුනාගනු ඇත ...
ඉතින් සුමිතුර
නැගී සිටින්න
බිය නොවන්න ...
පතනෙමි කිත් යස
හදවතින් ඉත සිතින් .....

අපේ...

එදා සිට
මළගිය ඇත්තන් සේ යාත්‍රා කරන,
කරුමක්කාර අපේ,
සිතුවිලි තුලින් මතුවන
නිදැස් පද...
විටක සොදුරු ලෙස..
විටක නපුරු ලෙස..
කෙම්බිමක පතිත වන'යුරු...

මට එපා මුකුත් ම .....

ශේෂ කරගත්තෙමි
රැදුණු හසරැල්ලෙන් බිදක්...
වෙනුවෙන් නුඹට
ඉතින් හිනාවෙයන් ඇති තරම්...
මට එපා මුකුත් ම .....

සත්තකටම......

නවත්තපන් ඔය කෑගැහිල්ල ...
උඹ කෑගහුවට
මට ඕව ඇහෙන්නෙ නෑ
වෙන එකෙකුටවත් ඇහෙන්නෙත් නෑ ...
උඹ ඕක නැවැත්තුවෙ නැතිනම්
මාත් උඹව දාලා යනවා
සත්තකටම......

Im Drown!

I dived in to the dream...
Tried to find it here and there, which I never found...
Now I had enough
I want to come back
But........
I'm drowned in my dream...
Yeah, I'm drowned but still alive...

බ්ලොග් එක....

ඔන්න මාත් පටන් ගත්තා බ්ලොග් එකක්
මගේ සිතුවිලි කැටි වුණ...
මගේම "සිතුවිල්ල..."