කෑරලෝ ආයෙත් වරෙන්

මාත් එක්ක මෙච්චර කල් ආදරෙන් ඉදපු උඹ
මාව රිදවලා ඈතට ඉගිල්ලිලා ගියාට
මම උඹත් එක්ක තරහා නෑ...
මට උඹ නැතුව පාලු‍යි...
කෑරලෝ...
මට ඇහෙනව උඹ කෑගහන සද්දෙ
හුළඟත් එක්ක එතිල කොහේදෝ ඉදන්
පුලුවන්නම් වරෙන් ආයෙත්...
මම උඹව රිදවන් නෑ...

2 comments:

Anonymous said...

මන් උඹව දාල ඉගිලුනෙ නෑ
අනිත් උන් කෑ ගහල
මට එන්න කියද්දි
නොගිහින් කොහොමද?
මගෙ තටු වැඩිල, මෝරපු දාට
ආයිමත් එන්නම්..
උඹ තනියෙන් හිටියොත්..

dakshika said...

එල මචන්... කෑරලා කවුද බන්??

Post a Comment