තවත් එකම එක තත්පරයක්...

බැඳ තබන්නට
හැකි නම් තත්පර කටුව
තවත් එකම එක තත්පරයක්...

සැනසෙන්නට
තවත් එකම එක තත්පරයක්
මට හිමි නැති සිනහවෙන් නුඹේ...

නැළවෙන්නට
තවත් එකම එක තත්පරයක්
මට හිමි නැති වදනකින් නුඹේ...

මුමුණන්නට
තවත් එකම එක තත්පරයක්
මට හිමි නැති හදවතට නුඹේ.....

1 comments:

dakshika said...

කොදුරන්නට
තවත් එකම එක තත්පරයක්
මට හිමි නැති ආදර නුඹේ.....

හැකිවනු ඇත
සදාකල් නවතන්ට එකම එක තත්පරය
හිමි වනදා නුඹව සදහට....

Post a Comment